Latest News

සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ‘බැගී ග්‍රීන්’ වර්ගයේ හිස්වැසුම වසර 75කට පසුව වෙන්දේසියට

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම පිතිකරුවා ලෙස සැලකෙන සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පැළඳ සිටි ‘බැගී ග්‍රීන්’ වර්ගයේ හිස්වැසුම වසර 75කට පසුව වෙන්දේසි කිරීමට ඔස්ට්‍රේලියාවට රැගෙනවිත් තිබේ.

එය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනයකට අධික මුදලකට අලෙවි වනු ඇති බවටයි අනාවැකි පළ වී ඇත්තේ.

මෙම ඓතිහාසික හිස්වැසුම ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් අවසන් වරට ඔස්ට්‍රේලියාවේදී සහභාගී වූ ටෙස්ට් තරගාවලියේදී පැළඳ සිටි එකක්.

1947/48 වසරේ පැවැති එම තරගාවලියේදී බ්‍රැඩ්මන් සිය 100 වැනි පළමු පෙළ ශතකය වාර්තා කිරීමට ද සමත්විය.

ඉන්දීය කණ්ඩායමේ සිටි තරුණ පන්දු යවන්නෙකු වූ ශ්‍රීරංග සොහොනි (Sriranga Sohoni) දිරිමත් කිරීම සඳහා බ්‍රැඩ්මන් විසින් තම හිසෙහි තිබූ මෙම හිස්වැසුම ඔහුට තෑගි කර තිබේ.

එතැන් පටන් වසර 75ක් පුරා සොහොනි පවුලේ සාමාජිකයන් මෙම හිස්වැසුම මුම්බායි නුවර පිහිටි තම නිවසේ රහසිගතව ආරක්ෂා කර තිබුණි.

පවුලේ සම්ප්‍රදායට අනුව වයස අවුරුදු 16 සම්පූර්ණ වන තෙක් දරුවන්ට පවා මෙම හිස්වැසුම දෙස බැලීමට අවසර හිමිවී නැහැ.

සිඩ්නි නුවර ප්‍රදර්ශනය කෙරෙන මෙම හිස්වැසුම සඳහා වන වෙන්දේසිය ජනවාරි 26 වැනිදාට යෙදී ඇති ඔස්ට්‍රේලියානු දිනයේදී (Australia Day) අවසන් වීමට නියමිතයි.

දැනටමත් මෙහි ලංසු තැබීම් ඩොලර් 445,000 ඉක්මවා ගොස් තිබේ.

මීට පෙර ෂේන් වෝන්ගේ හිස්වැසුමක් ඩොලර් මිලියනයකට වඩා වැඩි මුදලකට අලෙවි වී ඇති අතර, බ්‍රැඩ්මන්ගේ මෙම දුර්ලභ සිහිවටනය එම වාර්තාව ද බිඳ දමනු ඇති බවටයි මත පළ වී ඇත්තේ.

World News

Send your contact Details Today