Latest News

බංග්ලාදේශය සහ ICC නියෝජිතයන් අතර සාකච්ඡාවේදී සිදු වූ දේ මෙන්න

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඉන්දියාවට නොයන බවට බංග්ලාදේශය විසින් සිය ස්ථාවරය දැඩිව ප්‍රකාශ කර තිබේ.

ඒ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (17) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිත ඇන්ඩෲ එෆ්ග්‍රේව් සමඟ පැවති විශේෂ රැස්වීමකදීයී.

බංග්ලාදේශ කණ්ඩායමට පවතින ආරක්ෂක ගැටළු උපුටා දක්වමින් බංග්ලාදේශ කණ්ඩායමේ ලෝක කුසලාන තරඟ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන යන ලෙස ඔවුන් මෙහිදී යළිත් වරක් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

නැවත නැවතත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එම ස්ථාවරයම ප්‍රකාශ කිරීමත් සමඟ, වැඩිදුර අභ්‍යන්තර සාකච්ඡාවලින් පසුව ICCය සිය අවසන් තීරණය ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට ඉඩ පවතින බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊයේ පැවති සාකච්ඡා ඵලදායී, සුහදශීලී සහ වෘත්තීයමය ආකාරයකින් පැවති බවත්, අදාළ කරුණු සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් විවෘතව සම්බන්ධ වූ බවයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරන්නේ.

බංග්ලාදේශය වෙනත් කාණ්ඩයකට ගෙන යාමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බවත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනයේ සඳහන්.

එවැනි තීරණයක් ගනු ලැබුවහොත් මේ වනවිට C කාණ්ඩයේ සිටින බංග්ලාදේශ කණ්ඩායම B කාණ්ඩයට මාරුකර B කාණ්ඩයේ සිටින අයර්ලන්තය C කාණ්ඩයට මාරුකළ යුතු වේ.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට මූලික වටයේ දී ඉන්දියාවේ තරග කිරීමට අවස්ථාවක් හිමිනොවේ.

B කාණ්ඩයේ තරගකරන අනෙකුත් කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ ඕමාන කණ්ඩායම පසුවෙයි.

World News

Send your contact Details Today