Latest News

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති මෙන්න

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වන එරික් මෙයර් (Eric Meyer) පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම තනතුර සඳහා ඔහුව නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

එරික් මෙයර් අමෙරිකානු විදේශ සේවයේ (U.S. Senior Foreign Service) වෘත්තීය සාමාජිකයෙකු වන අතර, ඔහු මේ වන විට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කරයි.

ඔහු ශ්‍රී ලංකාව ඇතුළුව ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය වැනි දකුණු හා මධ්‍යම ආසියානු රටවල් රැසක අමෙරිකානු ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කිරීමේ වගකීම දැරූ නිලධාරියෙක්.

ඔහු මීට පෙර නෝර්වේ සහ උතුරු මැසිඩෝනියාවේ අමෙරිකානු තානාපති කාර්යාලවල වැඩබලන තානාපතිවරයෙකු සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ලෙස සේවය කර තිබෙන බවද සඳහන්.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ලෙස සිව් වසරකට ආසන්න කාලයක් සේවය කළ ජුලී චන්ග් (Julie Chung) ඊයේ (16) සිය ධුරයෙන් සමුගත්තාය.

ඇය 2022 වසරේ සිට මෙරට සේවය කළ අතර ඇයගේ සේවා කාලය අවසන් වීමත් සමඟයි මෙම නව පත්වීම සිදු කෙරෙන්නේ.

World News

Send your contact Details Today