ඇෆ්ගනිස්තානයෙන් බිහිවූ ප්‍රමුඛ පෙළේ වේගපන්දු යවන්නාවූ ක්‍රිකට් තරුවක් වන වූ ෂාපූර් සද්‍රාන් දරුණු රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් සිටින බව ඔහුගේ සහෝදරයා විසින් සදහන් කර තිබේ.
ඒ අනුව සද්‍රාන්ගේ සුදු රුධිරානු ගණන අසාමාන්‍ය මට්ටමකට පැමිණ තිබෙන බව එරට ක්‍රිකට් ආයතනයට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.
මේ අනුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අතිශයින් බරපතළ බව වාර්තා වේ.
මේ වනවිට ඔහු 38 හැවිරිදි වියේ පසුවේ.
ෂාපූර් සද්‍රාන්ගේ අනපේෂිත රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් මේ වනවිට සිය කනගාටුව පළකර තිබේ.
තවද ෂාපූර් සද්‍රාන් ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 80කට ක්‍රීඩාකර කඩුලු 80ක් බිඳහෙළා ඇත.
ඔහු අවසන්වරට ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහාභාගි වී ඇත්තේ 2020 වසරේදීයී.
සිය ක්‍රිකට් ඉතිහාසයේ ඇෆ්ගනිස්තානය ප්‍රථමවරට එක්දින ලෝක කුසලාන තරගාවලියකදී ජයක් ලැබුවේ 2015දී වේ ෂාපූර් සද්‍රාන් එම කණ්ඩායමේ සාමාජිකයෙකි.
එහි අමතක නොවෙන සිදුවීම නම් සද්‍රාන් විසින් ස්කොට්ලන්තයට එරෙහිව ඇෆ්ගනිස්තනය එම ජය ලැබුවේ තරගය අවසන්වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී එල්ලකළ හතරේ පහරයි.