ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරෝධය පළ කරන රටවල් සඳහා නව තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය සමග සබඳතා පවත්වන රටවල් වෙත මෙලෙස තීරුබදු පනවන බවයි ධවල මන්දිර රැස්වීමකදී ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත්, නව තීරු බදු පනවන්නේ කුමන රටවලටද යන්න සම්බන්ධයෙන් ට්‍රම්ප් මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැති බව සඳහන්.