ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවා ප්‍රධානී ඩේවිඩ් බර්නියා අමෙරිකාවට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ ඉරානය සම්බන්ධයෙන් හටගත් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමටයි.
ඒ අනුව ඩේවිඩ් බර්නියා, අමෙරිකාව සහ ඉරානය අතර සෘජු සන්නිවේදන කටයුතු මෙහෙයවන ධවල මන්දිර නියෝජිත ස්ටීව් විට්කොෆ් හමුවීමට නියමිත බව ද සඳහන්.