Latest News

තනියම ඉන්න අයට විතරක් ගැලපෙන App එකක් චීනයෙන් හඳුන්වා දෙයි

Published 15 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“ඔබ මැරිලද?”යන අරුත දෙන ජංගම දුරකථන යෙදුමක් (App) මේ වන විට කතාබහට ලක්ව තිබේ.

ඒ චීනයේ තනිවම ජීවත් වන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නිර්මාණය කරන ලද ජංගම දුරකථන යෙදවුම හේතුවෙන්.

“සිලෙමේ” ලෙස චීන භාෂාවෙන් හඳුන්වන මෙම ඇප් එක බාගත කරන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

සමාජ මාධ්‍ය ජාල තුළ ද ඒ පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර මෙහි ප්‍රසිද්ධිය හේතුවෙන් එම සමාගම විසින් මෙයට ගාස්තුවක් හඳුන්වා දීමටත්, ජාත්‍යන්තර පරිශීලකයින් සඳහා එහි නම වෙනස් කිරීමටත් පියවර ගෙන තිබුණි.

එහි ප්‍රවර්ධකයන් පවසන පරිදි, මෙය සිසුන්ගේ සිට කාර්යාල සේවකයන් දක්වා තනිවම ජීවත් වන හෝ හුදකලා ජීවන රටාවක් තෝරාගත් ඕනෑම අයෙකු වෙනුවෙන් නිර්මාණය කරන ලද සැහැල්ලු ආරක්ෂක මෙවලමක්.

මෙම App එක භාවිතා කිරීමේදී එක් හදිසි සම්බන්ධතා අංකයක් ඇතුළත් කළ යුතු අතර, පරිශීලකයා අඛණ්ඩව දින කිහිපයක් App එක හරහා තමන් සිටින බව තහවුරු නොකළහොත් ස්වයංක්‍රීයව දැනුම්දීම් නිකුත් කරනු ලබයි.

චීනයේ පුද්ගලයන් මිලියන 200ක් පමණ තනිවම නිවෙස්වල වාසය කරන බව සඳහන්.

එය එරට මුළු නිවාස සංඛ්‍යාවෙන් 30% ඉක්මවන බව ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

සිලෙමේ සමාගම සිය නිල සමාජ මාධය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, ඉක්මනින් නිකුත් වීමට නියමිත නව සංස්කරණයේදී ඔවුන් ඩෙමුමු යන නම ජාත්‍යන්තර වෙළඳ නාමය ලෙස භාවිතා කරන බවයි.

දැනටමත් ඇපල් සමාගමේ මුදල් ගෙවා ලබාගත යුතු ඇප් වර්ගීකරණයේ දෙවන ස්ථානයේ පසුවන මෙය, සතියේ මුල් භාගයේදී ප්‍රථම ස්ථානය දක්වා ඉහළ ගොස් තිබුණි.

“අපට සහයෝගය දුන් සියලුම අන්තර්ජාල පරිශීලකයින්ට ස්තූතියි. අපි මුලින් හඳුනා නොගත් කුඩා කණ්ඩායමක් වූ අතර, මෙය 1995 වසරෙන් පසුව උපත ලැබූ තරුණයින් තිදෙනෙකු විසින් ස්වාධීනව ආරම්භ කර පවත්වාගෙන යන්නක්” යැයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

World News

Send your contact Details Today