Latest News

ඉරානයේ විරෝධතා ටිකෙන් ටික අඩපණ වෙයි

Published 15 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සති දෙකකට වැඩි කාලයක් ඉරානය උණුසුම් කළ විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු අයුරින් අඩු වී තිබෙන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

පසුගිය සඳුදා සිට ක්‍රම ක්‍රමයෙන් අඩපණ වූ විරෝධතා පෙරේදා වන විට ප්‍රාදේශීය මට්ටමේ විරෝධතා දක්වා දුර්වල වී ඇතැයි ද අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

ටෙහෙරාන් අගනුවර ඇතුළු එරට සියලු නගර කේන්ද්‍ර කරමින් පැවති විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවීමට හේතු වී ඇත්තේ පසුගිය සඳුදා ටෙහෙරාන් නුවරදී අතිවිශාල ජනතාවක් රජයට සහය පළ කරමින් රැලියක් පැවැත්වීම බව ද වාර්තා වේ.

විරෝධතා පාලනය කිරීමට ඉරාන ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළ දැඩි පියවර හේතුවෙන් එරට පුද්ගලයන් දහස් ගණනින් ජීවිතක්ෂයට පත්වූ බවත්, සෙසු විරෝධතාකරුවන් නගරවලින් ඉවත්වීමට පටන් ගත් බවත් අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.

නිවේදනයක් නිකුත් කරමින් ඉරාන රජය ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂක තත්වය පාලනය කර ඇති බවයි.

එසේ වුවත් ජනතාව මුහුණ පා සිටින ආර්ථික දුෂ්කරතා විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවද සඳහන් කර තිබේ.

World News

Send your contact Details Today