Latest News

Virgin Australia ගුවන් සමාගම, සුරතල් සතුන්ට හිතකර තීරණයක් ගනියි

Published 16 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Virgin Australia ගුවන් සමාගම විසින් සුරතල් සතුන් යොදාගෙන සිදු කරන Cabin පෙරහුරුව දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

කලින් සැලසුම් කළ පරිදි මේ මස අවසානයේ නිම කිරීමට තිබූ මෙම පෙරහුරුව ජූනි මාසය අවසානය දක්වා දීර්ඝ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය නත්තල් කාල සීමාව පුරා 300 කට වැඩි සුරතල් සුනඛයින් සහ පූසන් යොදා ගනිමින් ගුවනේදී සිදු කළ මෙම ත්‍රාසජනක පෙරහුරුවට ඉතාමත් හොද ප්‍රතිචාර ලැබී තිබුණි.

දැනට මෙසේ පෙරහුරු සිදු කිරීම සඳහා අවසර ලැබී ඇත්තේ Gold Coast සිට Melbourne දක්වාත් Melbourne සිට Sunshine Coast දක්වා වූ ගුවන් කලාපයේ පමණි.

Virgin Australia සමාගම පවසන්නේ ඉදිරියේදී තවත් ගමන් මාර්ග එකතු කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි.

මෙසේ ගුවනින් රැගෙන යාමට අවසර හිමි වන්නේ සුනඛයින් සහ පූසන් පමණක් වන අතර ඒ සඳහා එම සතුන්ගේ වයස සති 8ක් හෝ ඊට වඩා වැඩි විය යුතු අතර බර කිලෝග්‍රෑම් 8ක් හෝ ඊට වඩා අඩු විය යුතුයි.

World News

Send your contact Details Today