Latest News

අමෙරිකා තීරුබදු මැද චීනයේ අපනයන ආදායම් වාර්තා අලුත් වෙයි

Published 16 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා ජනපතිගේ තීරුබදු ප්‍රතිපත්තිය හමුවේ වුව ද චීනය 2025 වසර සදහා වාර්තා ගත අපනයන ආදායමක් ලබා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ලොව විශාලතම වෙළද අතිරික්තය ලෙසයි.

පසුගිය වසරේදී අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ වෙළද ප්‍රතිපත්තිය ගෝලීය ආර්ථිකයේ කැළඹීමක් ඇති කළේය.

එහිදී චීනයට ඉහළ තීරුබද්දක් පැනවීමටයි කටයුතු කළේ.

කෙසේ වෙතත් චීනය ලොව විශාලතම වෙළද අතිරික්තය වාර්තා කිරීමට සමත්ව සිටියි.

ඒ භාණ්ඩ හා සේවාවල අපනයන වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.19 ක් ලෙසයි.

චීනයේ පූර්ණ වාර්ෂික වෙළද අතිරික්තය ඩොලර් ට්‍රිලියනය ඉක්මවා ගිය පළමු අවස්ථාව ද මෙයයි.

පසුගිය වසරේදී චිනයේ මාසික අපනයන අතිරික්තය හත් වතාවක්ම ඩොලර් බිලියන 100 ඉක්මවා ගියේය.

එය ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය එරට වෙළදාමට කිසිසේත් බලපා නොමැති බවට කදිම නිදසුනක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

World News

Send your contact Details Today