Latest News

අමෙරිකාව විසින් ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට ඉතා ආසන්න බවට ඉඟි

Published 16 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව විසින් ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට ඉතා ආසන්න බව සියලු සංඥාවලින් පෙන්නුම් කරමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඊට පූර්ව ආරක්‍ෂාවක් ලෙස මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කදවුරුවලින් ඇතැම් පිරිස් ඉවත් කිරිම මේ වනවිට ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

කටාර්හි අල් උදෙයිත් ගුවන් කදවුරේ අමෙරිකානු මෙන්ම බි්‍රතාන්‍ය ජාතිකයින්ද ඉවත් කරගනිමින් සිටින බව BBC පුවත් සේවයද වාර්තා කර තිබේ.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි බි්‍රතාන්‍ය තානාපති කාර්යාලයද තාවකාලිකව වසා දමා ඇති බවයි බීබීසි පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

ඉරාන රජය මෙතෙක් මුහුණ දී ඇති දරුණුතම උද්ඝෝෂණය මැඩපැවැත්විම සදහා උත්සාහ දරණ අතරතුර, රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් වෙනුවෙන් මැදිහත් වන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණි.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබුණේ ඉරාන විරෝධතාකරුවන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කළහොත් අමෙරිකාව ඊට එරෙහිව දැඩි පියවරක් ගන්නා බවයි.

අමෙරිකාව සිය රටට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කදවුරුවලට පහර දෙන බවට අනතුරු අගවා තිබුණා. එම තත්ත්වයට පූර්ව ආරක්‍ෂාවක් ලෙස අමෙරිකානු කදවුරුවලින් පුද්ගලයින් ඉවත් කිරිම සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මේ අතර ඉදිරි පැය 24 තුළ ඉරානයට එක්සත් ජනපද හමුදා මැදිහත්වීමක් සිදුවිය හැකි බවට යුරෝපා නිලධාරීන් දෙදෙනෙකු ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවයද වාර්තා කර තිබේ.

World News

Send your contact Details Today