Latest News

කැලි­ෆෝ­නියා ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය අලෙවි කර­මින් සිටි චීන ජාතිකයෙකුට වැඩ වරදී

Published 16 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙ­රි­කාවේ කැලි­ෆෝ­නියා ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය අලෙවි කර­මින් ඩොලර් මිලි­යන ගණ­නා­වක මුද­ලක් උපයා ගත් බව කියන චීන ජාති­ක­යකු ප්‍රාන්ත ආර­ක්ෂක ඒජ­න්සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැලි­ෆෝ­නියා ප්‍රාන්තයේ පදිංචි යැන් ලින් නමැති 41 හැවි­රිදි මේ පුද්ග­ලයා මෙක්සි­කෝවේ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් විසින් කුලි­යට ගත් තැර­ව්ක­රු­වකු බවට හඳු­නා­ගෙන ඇති අතර, එම මත්ද්‍රව්‍ය අලෙවි කිරී­මෙන් ඔහු ඩොලර් මිලි­යන 27.4ක මුදල් තොග­යක් උප­යා­ගෙන ඇතැයි අමෙ­රි­කාවේ අධි­ක­රණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

මුදල් විශු­ද්ධි­ක­ර­ණය යටතේ අත්අ­ඩං­ගු­වට ගෙන ඔහියෝ රැඳ­වුම් මධ්‍ය­ස්ථා­නයේ රඳවා තබා සිටි සැක­ක­රුට එරෙ­හිව නඩු පවරා ඇතැ­යිද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ඔහු වර­ද­කරු ලෙස තහ­වුරු වුව­හොත් වසර 20ක උප­රිම සිර දඬු­ව­ම­කට ලක්වනු ඇතැයි ද කැලි­ෆෝ­නියා ප්‍රාන්ත ආර­ක්ෂක ඒජ­න්සිය සඳ­හන් කර ඇත.

මෙක්සි­කෝවේ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් තැරැ­ව්ක­රු­වන්ට විශාල මුද­ලක් උපයා ගැනී­මට අව­ස්ථාව ලබා­දෙ­මින් අමෙ­රි­කාව තුළ සිය ජාවා­රම් කට­යුතු සිදු කර­මින් සිටින අතර, එවැනි තොර­තුරු රැසක් මුදල් විශු­ද්ධි­ක­ර­ණය යටතේ අත්අ­ඩං­ගු­වට පත්වූ­ව­න්ගෙන් හෙළි­ද­රවු කර­ගැ­නී­මට අමෙ­රි­කාවේ මධ්‍යම විම­ර්ශන කාර්යාං­ශය ඇතුළු ආර­ක්ෂක අංශ සමත් වී ඇතැයි ද වාර්තා වේ.

World News

Send your contact Details Today