Latest News

ඇෆ්ගනිස්ථාන මාධ්‍යවේදියෙක්, පකිස්තානයේදී අත්අඩංගුවට

Published 16 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇෆ්ග­නි­ස්තාන නිද­හස් මාධ්‍ය­වේ­දි­යෙක්, පාකි­ස්තා­නයේ ඉස්ලා­මා­බාද් පොලී­සිය විසින් රඳවා තබා සිටින බව කාමා පුවත් සේවය වාර්තා කළේය.

ඔහු බල­හ­ත්කා­ර­යෙන් රටින් පිටු­ව­හල් කිරීමේ තීර­ණ­ය­කට අනුව එසේ රඳවා තබා ඇතැයි ද ඇෆ්ග­නි­ස්තා­නයේ ජාතික පුව­ත්පත වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

කෙසේ වුවත් ඉස්ලා­මා­බාද් පොලී­සිය ඇෆ්ගන් මාධ්‍ය­වේ­දියා රඳවා තබා ගැනී­මට නිශ්චිත හේතු­වක් මෙතෙක් ප්‍රකාශ කර නැති අතර, ඒ පිළි­බඳ තොර­තුරු හෙළි කර නොමැති බව ද වාර්තා වේ.

පාකි­ස්තා­නයේ ලියා­ප­දිංචි නොවූ ඇෆ්ග­නි­ස්තාන සංක්‍ර­ම­ණි­ක­යන් බල­හ­ත්කා­ර­යෙන් රටින් පිටු­ව­හල් කිරීමේ සෝදිසි මෙහෙ­යු­මක් ද ඉස්ලා­මා­බාද් පොලී­සිය ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා නිවාස පරීක්ෂා කිරීම් සිදු­වන බවට තොර­තුරු වාර්තා වී ඇති බවත් කාමා පුවත් සේවය සඳ­හන් කළේය.

එම මෙහෙ­යුම යටතේ ඇෆ්ගන් ජාතික මාධ්‍ය­වේ­දීන් තවත් කිහි­ප­දෙ­නකු ද රඳවා තබා සිටින බව වාර්තා වේ.

රඳවා තබා සිටින මාධ්‍ය­වේ­දීන් කිසිදු නීති­මය ආර­ක්ෂා­වක් නොමැ­තිව අස­රණ තත්ත්ව­යෙන් පසු­වන බවද කාමා පුවත් සේවය සඳ­හන් කළේය.

World News

Send your contact Details Today