Latest News

ගාසා තීරයට ශීත කුණාටුවක් – 06 දෙනෙකු ජිවිතක්ෂයට

Published 17 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයට බලපා ඇති ශීත කුණාටු හේතුවෙන් 6 දෙනෙකු මිය ගොස් තිබේ.

ගාසා තීරයේ යුද්ධයෙන් අවතැන් වූ පලස්තීනුවන් කූඩාරම්වල නවාතැන් ගෙන සිටියි.

එහෙත් අධික ශීතල දරාගත නොහැකිව පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තිබේ.

ඊශ්‍රායලය විනාශකාරී බෝම්බ හෙලීම ආරම්භ වී වසර දෙකකට වැඩි කාලයක් ගතවී ඇතත් ගාස තිරයේ පහසුකම් සියල්ල යතාවත් කිරීමට හැකිව නොමැත.

පසුගිය වසරේ ඔක්තෝබර් 10 වන දා සිට සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද ආධාර කණ්ඩායම් පවසන්නේ පලස්තීනුවන්ට නිතර නිතර ශීත කුණාටු වලට ඔරොත්තු දීමට අවශ්‍ය නවාතැන් තවමත් ප්‍රමාණවත්ව නොමැති බවයි.

ගාසා නගරයේ වෙරළබඩ ප්‍රදේශයක මීටර් අටක් උස තාප්පයක් කූඩාරමකට කඩා වැටී එකම පවුලේ සාමාජිකයින් තුන් දෙනෙකු මියගියහ.

යුනිසෙෆ් ප්‍රකාශක ජේම්ස් එල්ඩර් පැවසුවේ සටන් විරාමය ආරම්භ වූ දා සිට අවුරුදු 18 ට අඩු ළමයින් 100 ක්, මෙන්ම පිරිමි පුද්ගලයන් 60දෙනෙකු සහ කාන්තාවන් 40දෙනෙකු ඩ්‍රෝන, ගුවන්, ෂෙල් වෙඩි ප්‍රහාර හා ජීව පතොරම් භාවිතය ඇතුළු හමුදා මෙහෙයුම් හේතුවෙන් මිය ගොස් ඇති බවයි.

World News

Send your contact Details Today