පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද (14) ගම්පහ මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
ඒ අනුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන මස 11 දක්වා කල් දැමීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
මෙම නඩු කටයුත්ත ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දීර්ඝ කාලයක් පුරා විභාග කෙරුණි.