ඊයේ (13) රාත්රියේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබේ.
ඒ පුත්තලම අට්ටවිල්ලුව ප්රදේශයේදීයි.
මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂය තිබේ.
තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා ප්රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී එක් පැදිකරුවෙකු මියගොස් ඇති අතර අනික් පැදිකරු වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමේ දී මියගොස් තිබේ.
තුවාල ලැබු පසුපැදිකරුවන් දෙදෙනා ප්රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.