Latest News

Ford සමාගම විසින් වාහන වර්ගයක් නැවත කැඳවයි

Published 18 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Ford සමාගම විසින් ඕස්ට්‍රේලියාවේ තම E-Transit විදුලි වාණිජ වෑන් රථ ආපසු කැඳවීමක් කර තිබේ.

ඒ එම රථවල වාහන නැවැත්වීමේ තිරිංග (parking brake) ගැටළුවක් හේතුවෙන්.

නිෂ්පාදන දෝෂයක් නිසා වම් පස පසු රෝදයේ ධාවක පතුවළ (rear axle shaft nut) වැරදි ලෙස සවි කළ වාහනවල තිරිංගය නිසි ලෙස ක්‍රියා නොකිරීමෙන් වාහනය හදිසි ලෙස පැන යාම හෝ පෙරළීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

2021 – 2025 අතර නිෂ්පාදිත වාහන 279 ක් මෙයින් බලපෑමට ලක් වී තිබේ.

Ford සමාගම බලපෑම් සහිත වාහන හිමිකරුවන්ට ලිඛිතව දැනුම් දී ඇති අතර අදාළ අලෙවිකරු අමතා වැඩි විස්තර දැන ගැනීමට කටයුතු කරන ලෙසයි දන්වා ඇත්තේ.

එමෙන්ම වැඩිදුර තොරතුරු සඳහා 13 36 73 අංකයට සම්බන්ධ විය හැකි අතර මෙම Ford E-Transit සඳහා 2025 ඔක්තෝබරයේදී ද විෂ වායු කාන්දුවකට හේතුවන බැටරි දෝෂයක් නිසාද වාහන 278 ක් ආපසු කැඳවනු ලැබ තිබේ.

2025 දී Ford විසින් ඕස්ට්‍රේලියාවේ වාහන 110,000කට වැඩි ප්‍රමාණයක් ආපසු කැඳවීමෙන්, එවකට අවධානයට ලක් වූ විශාලම සංඛ්‍යාවක් ලෙස ද වාර්තා කර තිබේ.

World News

Send your contact Details Today