Latest News

තුර්කි කාන්තාවක් විසින් ට්‍රම්ප් තම පියා බව පවසමින් නඩුමඟට

Published 18 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තුර්කි කාන්තාවක්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම ජීව විද්‍යාත්මක පියා බව පවසා පීතෘත්වය තහවුරු කිරීමට ඉඩදෙන ලෙස ඉල්ලමින් නඩුවක් ගොනු කර තිබේ.

නෙක්ලා ඔස්මෙන් නම් 55 හැවිරිදි මෙම කාන්තාව, තමන් ට්‍රම්ප්ට සමානකමක් දක්වන බව පවසන අතර එය ඔප්පු කිරීම සඳහා DNA පරීක්ෂණයක් ඉල්ලා සිටියි.

තුර්කියේ අන්කාරා අගනුවර පදිංචි ඇය, පසුගිය සැප්තැම්බර් 25 වන දින අන්කාරා 27 වන පවුල් අධිකරණයේ මෙම නඩුව පවරා තිබුණි.

අධිකරණය මුලින් මෙම නඩුව ප්‍රතික්ෂේප කළද, ඇය දැන් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

1970 වසරේදී උපත ලැබූ නෙක්ලා, ලේඛනවලට අනුව සාති සහ දුර්සුන් ඔස්මෙන් යන යුවළගේ දියණියයි.

කෙසේ වෙතත්, තමන් හදාගත් දියණියක බව 2017 වසරේදී සාති ඇයට පවසා තිබේ.

1970 වසරේදී අන්කාරාහි රෝහලකදී සිදු වූ දරුවන් මාරුකිරීමක් ගැන ඇය කරුණු දක්වා තිබුණි.

සාති රෝහලේදී මළ දරු උපතක් සිදු කළ බවත්, එම අවස්ථාවේදීම දරුවෙකු ප්‍රසූත කළ සොෆියා නම් අමෙරිකානු කාන්තාවක් තම බිළිඳියව ඔස්මෙන් පවුලට ඇති දැඩි කිරීමට ලබා දුන් බවත් ඇය පවසයි.

සොෆියා නමැති කාන්තාව පවසා ඇත්තේ මෙම දරුවා ට්‍රම්ප් සමඟ පැවති අනියම් සබඳතාවයක ප්‍රතිඵලයක් බවයි.

නෙක්ලා පවසන්නේ සොෆියා සහ ට්‍රම්ප් මුණගැසුණු ආකාරය තමන් නොදන්නා බවත්, නමුත් දරුවා භාරදෙන අවස්ථාවේ සොෆියා ට්‍රම්ප්ගේ ඡායාරූපයක් පෙන්වා පියා ගැන විස්තර පැවසූ බව සාති තමන්ට කී බවයි.

ඇය පවසන්නේ තමන්ට ට්‍රම්ප්ට කරදර කිරීමට අවශ්‍ය නොවන නමුත්, හුදෙක් සත්‍යය දැන ගැනීමට පමණක් අවශ්‍ය බවයි.

DNA පරීක්ෂණයක් මගින් තමන් ඔහුගේ දියණිය බව ඔප්පු කළ හැකි බව ඇය මාධ්‍ය වෙත පවසා තිබේ.

ට්‍රම්ප් යහපත් පියෙකු බවත් ඔහු තමන්ව ප්‍රතික්ෂේප නොකරනු ඇති බවට විශ්වාස බව ඇය පවසයි.

ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් අධිකරණය මුලින් මෙම පෙත්සම ප්‍රතික්ෂේප කර ඇති නමුත්, නෙක්ලා අඛණ්ඩව සටන් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඇය අමෙරිකානු තානාපති කාර්යාලයට සහ ඇමරිකානු අධිකරණ වෙතද පෙත්සම් යොමු කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

World News

Send your contact Details Today