ඉන්දියාව ලොව විශාලතම සහල් නිෂ්පාදකයා බවට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ වසර 2025 දී සහල් ටොන් මිලියන 150.18ක් නිපදවමින්.
මෙතෙක් දීර්ඝ කාලයක් පුරා ලොව විශාලතම සහල් නිෂ්පාදකයා බවට පත්වී සිටි චීනය එම වසරේදී නිපදවනු ලැබූ සහල් ප්‍රමාණය ටොන් මිලියන 145.28ක් බැවින් ඉන්දියාව එරට කෘෂිකාර්මික ක්ෂේත්රයේ ඓතිහාසික සංධිස්ථානයක් සටහන් කළ බව ඉන්දියාවේ කෘෂිකර්ම ඇමැති ෂිව්රාජ් සිං ප්‍රකාශ කර තිබේ.
පසුගියදා නවදිල්ලි නුවර පැවති උත්සවයකදී ඉන්දියාවේ කෘෂිකර්ම පර්යේෂණ කවුන්සිලය විසින් සංවර්ධනය කරනු ලැබූ නව භෝග වර්ග 25ක් හඳුන්වා දෙමින් එරට කෘෂිකර්ම ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඉන්දියාව විසින් ඉහළ අස්වැන්නක් සහ දේශගුණයට ඔරොත්තු දෙන ප්‍රභේද 184ක් හඳුන්වා දී ඇති අතර, ඊට ධාන්‍ය වර්ග 122ක් ද ඇතුළත් බව වාර්තා වේ.
ජාත්‍යන්තරව ලැයිස්තුගත කරනු ලැබූ ලොව විශාලතම සහල් නිෂ්පාදකයන් අතර බංග්ලාදේශය තුන්වැනි ස්ථානයේ පසුවන අතර, ඉන්දුනීසියාව සිවුවැනි ස්ථානයටත්, වියට්නාමය පස්වැනි ස්ථානයට පත්වී ඇත.
එම ලැයිස්තුවට අනුව තායිලන්තයට 6 වැනි ස්ථානයත්, මියන්මාරයට 7 වැනි ස්ථානයත් ලැබී ඇති අතර, පිලිපීනය අටවැනි ස්ථානයේ සහ කාම්බෝජය 9 වැනි ස්ථානයේ පසුවන බව වාර්තා වේ.
එහි දසවැනි ස්ථානය හිමිවී ඇත්තේ පාකිස්තානයට බව ද වාර්තා වේ.