Latest News

ශ්‍රී ලංකාවට ආවේණික කෘමි සතුන් සාම්පල ළඟ තබාගෙන සිටි විදේශිකයන් දෙදෙනෙකුට වැඩ වරදී

Published 17 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට ආවේනික වූ කෘමි සතුන්ගේ සාම්පල සන්තකයේ තබාගෙන සිටි අමෙරිකානු ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ලෝකාන්ත ස්භාවික මංපෙතට පිවිසෙන ස්ථානයේ දෛනිකව සිදුකරන සංචාරකයින්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී විදෙස් ජාතිකයෙකුගේ ගමන් බෑගයක් පරීක්ෂා කිරීමේ දී ඒ තුළ තිබී රසායන ද්‍රව්‍ය තුළ බහා තිබූ කෘමි සතුන්ගේ සාම්පල, රසායන ද්‍රව්‍ය හා කුඩා සතුන් අල්ලන උපකරණ කිහිපයක් පෙරේදා (11) දිනයේ සොයාගෙන තිබුණි.

ඒ, අනුව සැකකාර විදෙස් ජාතිකයා සහ ඔහු සමඟ පැමිණි කාන්තාව නැවතී සිටි නුවරඑළිය නගරයේ පිහිටි හෝටල් කාමරය පරීක්ෂා කිරීමටයි හෝටන්තැන්න ජාතික උද්‍යානයේ නිලධාරීන් සහ හක්ගල අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

එම පරීක්ෂා කිරීමේ දී කාමරයේ තිබී මෙරටට ආවේණික තවත් කෘමි සතුන්ගේ සාම්පල කිහිපයක් සහ රසායන ද්‍රව්‍ය ද සොයාගැනීමට හැකියාව ලැබී තිබේ.

අනතුරුව මෙම සැකකාර අමෙරිකානු ජාතිකයා සහ කාන්තාව අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් එම සැකකාර විදේශිකයන් ඊයේ (12) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගෙන, විදේශ ගමන් තහනම් කර ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කර තිබේ.

වනජීවී භාරයට ගත් කෘමි සාම්පල් 15ක් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත යවා වාර්තාවක් කැදවා එම වාර්තාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු වන එම්.එම්.කේ. මොරතැන්න පැවසුවේ.

World News

Send your contact Details Today