ඊලෝන් මස්ක්ගේ X සමාජ මාධ්‍ය වේදිකාව තුළ භාවිත වන Grok කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම හරහා කාන්තාවන්ගේ රූප විකෘති කර අඩනිරුවත් රූප නිර්මාණය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව බ්‍රිතාන්‍ය මාධ්‍ය නියාමක ආයතනය වන Ofcom මඟින් අඳාළ පරීක්ෂණය ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම පියවර ගෙන ඇත්තේ X සමාජ මාධ්‍ය වේදිකාවට සමගාමීව එක් කර ඇති Grok AI භාවිතයෙන් නිර්මාණය කළ ලිංගික රූප විශාල ලෙස සමාජ මාධ්‍ය තුළ පළ වීම නිසා මහජනතාව අතරත් දේශපාලන වටාපිටාව තුළත් දැඩි විරෝධයක් මතුවීමෙන් පසුව බවයි Ofcom සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් අඳාළ පරීක්ෂණය Online Safety Act පනත යටතේ සිදු කරන අතර, එම නීතිය උල්ලංඝනය වී ඇති බවට තහවුරු වුවහොත් දැඩි දඩ මුදල්, සේවා සීමා කිරීම් මෙන්ම බරපතළ අවස්ථාවලදී බ්‍රිතාන්‍යය තුළ අදාළ යෙදුම් සහ වෙබ් අඩවි ක්‍රියාත්මක කිරීම තහනම් කිරීම ද ඇතුළුව දැඩි දඬුවම් ක්‍රියාත්මක කළ හැකි බව පවසයි.
ඒ අනුව Ofcom ප්‍රකාශකයෙකු සඳහන් කළේ “Online Safety Act යටතේ X වේදිකාවට පවතින නීතිමය වගකීම් ඉටු කර නොමැතිද යන්න තහවුරු කිරීම සඳහා අපි නිල පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කළෙමු” යනුවෙනුයි.