Latest News

සේවය නිම කර යාමට පෙර ජූලි චන්ග්, ජනපති හමුවෙයි

Published 18 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිදු කළ සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින්, ජනවාරි 16 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත ජූලි චන්ග්, ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබේ.

ජූලි චන්ග් සිය ධුර කාලය තුළ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැරූ අඛණ්ඩ උත්සාහය මෙහිදී ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්ව තිබේ.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම වෙනුවෙන් එක්සත් ජනපදය සමඟ සම්බන්ධ වෙමින් ඇය ඉටු කළ කාර්යභාරය වෙනුවෙන්ද මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත් වූ සාකච්ඡාවලදී ඇය ලබා දුන් සුවිශේෂී සහාය ඇගයීමට ලක් කළේය.

2022 පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති ලෙස පත්ව ශ්‍රී ලංකාවට පැමිණි ජූලි චන්ග්ගේ සිව් වසරක ධුර කාලය තුළ, අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය ඇතුළු දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සන්ධිස්ථාන කිහිපයක් ද සළකුණු විය.

World News

Send your contact Details Today