Latest News

Google සහ Apple එක්වෙයි

Published 18 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ වසර අගදී Apple සමාගමේ Siri යෙදුමේ උසස් යාවත්කාලීන කිරීම් කිහිපයක් සිදු කිරීම සඳහා Google සමාගම සමඟ කටයුතු කිරීමේ තීරණයකට එළැඹීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව Google’s Gemini AI තාක්ෂණය මුසු වුණ නවමු අත්දැකීමක් Google සහ Apple පරිශීලකයින්ට ලැබෙනු ඇති බවටයි අනාවැකි පළ කර ඇත්තේ.

මේ අතර Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) දින ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව මේ වසරේ මෙතෙක් සිය කොටසක වටිනාකම 6% කින් ඉහළ යාම හේතුවෙන් Alphabet සමාගම මෙසේ ඉහළම මට්ටමකට ළඟා වී ඇත.

එසේම Nvidia, Microsoft සහ Apple සමාගම්වලට අනතුරුව ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගිය ලෝකයේ සිව්වන සමාගම බවට Alphabet සමාගම පත්ව තිබෙනවා.

එමෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ Alphabet සමාගමේ දැඩි හා පැහැදිලි අවධානය, එහි ව්‍යාපාරික උපායමාර්ගය පිළිබඳ තිබූ සැක සම්පන්නභාවය පහව යාමට Alphabet සමාගමේ කොටස් ඉහළ යෑම හේතු වූ බව සඳහන්.

World News

Send your contact Details Today