Latest News

සත්‍යග්‍රහයේ නිරත විමල්ට එරෙහිව අධිකරණ නියෝගයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (12) ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට එරෙහිවයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැති හරිනි අමරසූරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමින් මෙම සත්‍යග්‍රහය අද (12) පෙරවරුවේ ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව මාර්ගය අවහිර නොවන ලෙසත්, උසස්පෙළ විභාගය පැවැත්වෙන අතරතුර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකරන ලෙසත් අදාළ අධිකරණ නියෝගයෙන් දැනුම්දී තිබේ.

World News

Send your contact Details Today