ප්‍රමුඛ පෙළේ T20 ක්‍රිකට් තරගාවලියක එකට පන්දුවට පහර දුන් පළමු පිය, පුතු යුගලය බවට ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබී සහ ඔහුගේ පුත් හසන් ඊසකිල් වාර්තා අතරට එක් වී තිබේ.
ඒ, BPL තරගාවලියේ Noakhali Express කණ්ඩායම වෙනුවෙන් එක්ව පන්දුවට පහර දීමත් සමඟයි.
Dhaka Capitals කණ්ඩායමට එරෙහි තරගයේදී ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට පන්දු 30කින් ලකුණු 53ක සබඳතාවයක් එක් කළේය.
මොහොමඩ් නබී ලකුණු 17ක් රැස් කල අතර, අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඔහුගේ පුත් හසන් ඊසකිල් ලකුණු 92යි.
මෙම තරගය Noakhali Express කණ්ඩායම ලකුණු 41කින් ජය ගත්තේය.