Latest News

X සමාජ මධ්‍යයේ රහස් රැසක් හෙළිකරන බව මස්ක් ප්‍රසිද්ධියේ කියයි

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එලොන් මස්ක්ගේ ‘X’ සමාජ මාධ්‍ය ජාලයේ නව ඇල්ගොරිදමය (Algorithm) ඉදිරි දින හත ඇතුළත ප්‍රසිද්ධ කිරීමට තීරණය කර ඇති බව ඔහු නිවේදනය කර තිබේ.

ඒ හරහා පරිශීලකයින්ට නිර්දේශ වන පෝස්ට් (Posts) සහ දැන්වීම් තෝරාගනු ලබන ආකාරය පිළිබඳ සියලුම කේත (Codes) මහජනයාට විවෘත වනු ඇති බවයි සඳහන් වෙන්නේ.

එලොන් මස්ක් පවසන පරිදි මෙය සෑම සති හතරකට වරක්ම යාවත්කාලීන කෙරෙන අතර, එහි සිදුවන වෙනස්කම් පැහැදිලි කරමින් සවිස්තරාත්මක සටහන් ද නිකුත් කිරීමට නියමිතයි.

පරිශීලකයින්ට පෙන්විය යුතු දෑ තීරණය කරන ක්‍රමවේදය වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වා ගැනීම මෙහි අරමුණයි.

ඇල්ගොරිදමයේ සිදුවන වෙනස්කම් තේරුම් ගැනීම සඳහා සංවර්ධකයින්ට (Developers) අවශ්‍ය සටහන් සමඟ සෑම මසකම පාහේ කේත නිකුත් කෙරෙන බවයි වාර්තා වෙන්නේ.

X ආයතනය මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් දැඩි නීතිමය පීඩනයකට ලක්ව සිටින පසුබිමක වීම විශේෂත්වයක්.

World News

Send your contact Details Today