Latest News

ට්‍රම්ප්ගෙන් කියුබාවට විශේෂ දැනුම්දීමක්

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා ජනපති ට්‍රම්ප් කියුබාවට විශේෂ දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ තවදුරටත් ප්‍රමාද වීමට පෙර තමන් සමඟ ගිවිසුමක් ඇති කරගන්නා ලෙසයි.

එසේ නොමැතිනම් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සුදානම් වන ලෙස ට්‍රම්ප් කියුබාවට අනතුරු අඟවා ඇති බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

පසුගිය ජනවාරි 3 වනදා ඇඅමෙරිකා හමුදා වෙනිසියුලාවේ කරකාස් අගනුවර දී එරට ජනාධිපති නිකොලස් මධුරෝ අත්අඩංගුවට ගත්තේය.

එතැන් සිට ඔහු කියුබාවට අවධානය යොමු කර තිබේ.

කියුබාවේ දිගුකාලීන මිතුරෙකු වන වෙනිසියුලාව දිනකට තෙල් බැරල් 35,000 ක් පමණ කියුබාවට යවන බව ද සඳහන්.

කියුබා විදේශ අමාත්‍යවරයා ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමන් බාධාවකින් තොරව ඉන්ධන ආනයනය කිරීමේ අයිතිය රඳවාගෙන ඇති බවයි.

එමෙන්ම තම රට සිදු කළ යුතු දෑ කිසිවෙකු නියම නොකරනු ඇති බවද ඔහු පවසයි.

World News

Send your contact Details Today