Latest News

ඉරානයෙන්, අමෙරිකාවට රතු එළි දල්වයි

Published 20 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව යම් හෙයකින් පහර දුනහොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.

රාජ්‍ය විරෝධී උද්‌ඝෝෂකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉරානයට පහර දෙන බවට අමෙරිකාව කළ තර්ජනය වලින් පසු එරට රජය මේ බව සදහන් කර ඇත.

ඉරාන රාජ්‍ය විරෝධී උද්‌ඝෝෂණ උත්සන්න වී ඇති අවස්ථාවක, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඉරානය නිදහස දෙස බලා සිටින බැවින් ඊට අමෙරිකාව උදව් කිරීමට සූදානම් බවයි.

ඉහළ යන උද්ධමනයට විරෝධය පළ කරමින් ආරම්භ වූ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට මේ වන විට සති දෙකක් ගතව තිබේ.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ පාලනය අවසන් කරන ලෙසද උද්ඝෝෂකයින් ඉල්ලා සිටියි.

ඒ අනුව ඉරානයේ විරෝධතාවලින් මේ වන විට සියයකට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම පුද්ගලයින් 10,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

අමෙරිකාව පහර දුන්නොත්, ඊශ්‍රායලය, කලාපයේ එක්සත් ජනපද හමුදා සහ නැව් මධ්‍යස්ථාන දෙකම ඉලක්ක වන බවද ඉරාන කථානායකවරයා පවසයි.

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් චෝදනා කරන්නේ තම රටේ නොසන්සුන්තාවට අමෙරිකාව සහ ඊශ්‍රායලයට වගකිව යුතු බවයි.

World News

Send your contact Details Today