Latest News

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ එක්දින නිල සංචාරයක් සදහා අද (12) අලුයම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ අනුව චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස අද (12) අලුයම 01.05 ට දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර සිට චීනයට අයත් බෙයිජිං ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

විදේශ අමාත්‍යවරයා සමඟ දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු ද පැමිණ තිබෙන බව ද සඳහන්.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන්ග් ඇතුළු එම තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියාව, ඕෂනියාව භාර අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කෙ ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස අද (12) දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් චීනයේ බෙයිජිං නුවර බලා පිටත්ව යාමට නියමිතයි.

World News

Send your contact Details Today