Latest News

🏏 SL vs PAK | T20: අවසන් සටන අදයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තුන්වන සහ අවසන් ක්‍රිකට් තරගය, ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිතයි.

ඒ, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

දෙරට අතර පැවති පළමු තරගය කඩුලු හයකින් ජය ගැනීමට සංචාරක පකිස්ථාන කණ්ඩායම සමත් විය.

විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය පසුගිය 09 වනදා පැවැත්වීමට නියමිතව තිබුණද පැවති වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමුණි.

ඒ අනුව දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර විස්ස දෙවන තරගය නැරඹීමට මිලදී ගත් ප්‍රවේශ පත්වලින් අද පැවැත්වෙන තුන්වන තරග නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව සලසා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේය.

World News

Send your contact Details Today