Latest News

යුක්‍රේනයේ ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියාවේ තෙල් ගබඩාවක් ගිනිබත් වෙයි

Published 21 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාවේ වොල්ගොග්‍රෑඩ් කලාපයේ තෙල් ගබඩාවක ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ යුක්‍රේනය විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන්.

ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව සඳහන්.

කෙසේ වෙතත් සිදුවීමත් සමඟ අවට ජීවත් වන ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

යුක්‍රේනය මෑතක සිට රුසියාවේ බලශක්ති හා යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයන් දියත් කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබෙන්නේ තම ගුවන් ආරක්ෂකයින් විසින් යුක්‍රේන ඩ්‍රෝන යානා 67ක් බිම දැමීමට සමත්ව ඇති බවයි.

World News

Send your contact Details Today