Latest News

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ඔස්ට්‍රේලියානු මන්ත්‍රීවරයෙකුගෙන් චෝදනා

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අනිද්දා (29) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ, ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

දෙරට අතර පැවැති පළමු තරගයේ දී ආබාධයකට ලක් වූ මාර්ක් වුඩ් වෙනුවට ජෝෂ් හූල් එංගලන්ත කණ්ඩායමට කැඳවා ඇති අතර අනිද්දා ඔහුට ටෙස්ට් වරම් හිමිවනු ඇති බවටයි ක්‍රිකට් විචාරකයින් විශ්වාසය පළ කර ඇත්තේ.

මේ අතර පළමු ටෙස්ට් තරගයේ දී එංගලන්තය විසින් සිදු කළ පන්දු හුවමාරුව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

ඒ, ඔහුගේ Facebook ගිණුමෙහි සටහනක් තබමින්.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ 41 වැනි පන්දුවාරයෙන් පසුව එංගලන්තයේ ඉල්ලීම මත ඔපය වෙනස් වූ පන්දුවක් ආදේශ කෙරුණා.

ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 169ක් ඉදිරියෙන් සිටියේ කඩුලු 04ක් අතැතිවයි.

පන්දුව හුවමාරු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ තවත් ලකුණු 35ක් පමණයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ජේසන් වුඩ් අවධාරණය කළේ, එංගලන්තය නුසුදුසු ආකාරයෙන් පන්දු හුවමාරුවක් සිදුකර ඇති බවයි.

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැති අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී එංගලන්තය මෙලෙස පන්දුව හුවමාරු කළ බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

එහි වාසිය ද ඔවුන් හිමිකරගත් බවයි, මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන් ම අදාළ පන්දු හුවමාරුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ද සිය විමතිය පළ කළා.

එහි දී ඔහු ප්‍රකාශ කර සිටියේ, අදාල සිදුවීමෙන් අනතුරුව තරගය සම්පූර්ණයෙන්ම වෙනස් වූ බවයි.

World News