Latest News

සිරියාවේ IS ඉලක්ක වෙත අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර මාලාවක්

Published 21 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු හමුදා සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්වයන් එක්ව සිරියාවේ අයි.එස්. (IS) ත්‍රස්ත ඉලක්ක වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සිරියාවේ ස්ථාපිත අමෙරිකානු හමුදාවන්ට එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙසයි.

පසුගිය දෙසැම්බර් 13 වැනිදා සිරියාවේ රැඳී සිටි අමෙරිකානු හමුදා ඉලක්ක කරගනිමින් ඉස්ලාමීය රාජ්‍ය (IS) ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස මෙම මෙහෙයුම දියත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අමෙරිකාව සහ ඔවුන්ගේ සහායක හමුදා එක්ව අයි.එස්. සංවිධානයට අයත් මධ්‍යස්ථාන, අවි ගබඩා සහ පුහුණු කඳවුරු ඉලක්ක කර ගනිමින් මෙම මහා පරිමාණ ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් අඩපණ කිරීම සහ අනාගතයේදී අමෙරිකානු සෙබළුන්ට එල්ල විය හැකි තර්ජන මැඩලීම මෙම ප්‍රහාරයේ මූලික අරමුණ බවද අමෙරිකානු ආරක්ෂක අංශ පවසයි.

World News

Send your contact Details Today