Latest News

පළමු වතාවට Netflix යන ලංකාවෙ චිත්‍රපටය Paradise

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලාංකික චිත්‍රපටයක් පළමු වතාවට Netflix ජාලයට මුදා හැරෙන්නට නිර්දේශ වෙන්නේ ශ්‍රී ලාංකික සිනමාවටම නවමු අභිමානයක් එක් කරමින්.

Netflix ජාලයට සම්බන්ධ වෙන ලෝකෙ ඕනෑම රටක සිටින සිනමා ප්‍රේක්ෂකයකුට ඒ තුළ ඇති ඕනෑම චිත්‍රපටයක් නරඹන්න පුළුවන්.

සුවිශේෂත්වය වන්නේ Netflix ජාලයට මුදා හරින්නට චිත්‍රපටයක් තෝරා ගනු ලබන්නේ සිනමාමය ප්‍රමිතීන් රැසකට අනුකූලව වීමයි.

සිනමාවේ දී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ Paradise සිංහල චිත්‍රපටය තමයි මේ විදිහට Netflix ජාලයට මුදාහරින්නට නිර්දේශ වුණේ.මලයාලම් නළු රෝෂන් මැතිව්,මහේන්ද්‍ර පෙරේරා ,ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු නළු නිළියන් රැසකගේ රංගන රංගන දායකත්වය Paradise චිත්‍රපටය සඳහා හිමි වී තියෙනවා.

ඒ වගේම Paradise චිත්‍රපටය ඉන්දියාවේ ඉහළම මලයාලම් සිනමා සම්මාන උළෙල වන ඉන්දියාවේ කේරළ ප්‍රාන්තීය සිනමා උළෙලේදී (Kerala State Film Awards ) සම්මාන ත්‍රිත්වයක්ම දිනාගත්තා.වසරේ විශිෂ්ටතම කතා සංකල්පයට හිමි Best Story සම්මානය ත් ජූරියේ විශේෂ සම්මාන ද්විත්වයකුත් ඊට අයත්.

මේ ජූරි සම්මාන ද්විත්වයම හිමිවුණේ දර්ශනා රාජේන්ද්‍ර න් ගෙ විශිෂ්ට සිනමා රංගනය වෙනුවෙන්…

මෙම චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය ඔබට පහතින් නැරඹිය හැකියි…

World News

Send your contact Details Today