Latest News

යුක්‍රේනයේ තවත් ප්‍රදේශයක් රුසියානු හමුදාව යටත් කර ගනියි

Published 21 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනයේ ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් (Dniprotvsk) කලාපයේ තවත් ජනාවාසයක් තම පාලනයට නතු කරගත් බව රුසියාව නිවේදනය කරයි.

මේ අතර, යුක්‍රේන හමුදා ප්‍රධානීන් පවසන්නේ, පොක්‍රොව්ස්ක් දිශාවේ යුද පෙරමුණේ තත්ත්වය ඉතා දරුණු මට්ටමක පවතින බවයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවට අනුව, යුක්රේනයේ බ්‍රැට්ස්කේ ජනාවාසයේ පාලනය මේ වන විට රුසියානු හමුදා සතු වී තිබේ.

රුසියානු හමුදා සුමි, කාර්කිව්, ඩොනෙට්ස්ක් සහ සපොරිෂියා යන ප්‍රදේශ ඉලක්ක කරගනිමින් අඛණ්ඩ ප්‍රහාර එල්ල කරන බවත්, එහිදී යුක්‍රේන හමුදාවට අයත් බලශක්ති සහ වරාය පහසුකම්, ඩ්‍රෝන යානා ගබඩා සහ විදේශීය කුලී හේවායන් රැඳී සිටින ස්ථාන විනාශ කළ බවත් රුසියාව පවසයි.

මේ අතර, යුක්‍රේනයේ ලිවිව් කලාපයට එල්ල වූ ප්‍රහාරය සඳහා පැයට කිලෝමීටර් 13,000ක අධි වේගයකින් ගමන් කළ හැකි බැලැස්ටික් මිසයිලයක් භාවිත කර ඇති බව යුක්‍රේනය තහවුරු කරයි.

මෙවැනි මිසයිලයක් යුද්ධයක් සඳහා භාවිත කළ දෙවන අවස්ථාව මෙයයි.

World News

Send your contact Details Today