Latest News

ඉරානයේ උත්තරීතර නායකයා, විරෝධතාකරුවන්ට සහ ට්‍රම්ප්ට දෙහි කපයි

Published 22 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරාන රජයට එරෙහි ජනතා විරෝධතා ඉහළ යන මොහොතේදී, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලාහ් අල් කමේනි ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා සතුටු කිරීමට උත්සාහ කරන රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන්, කරදරකාරයන් පිරිසක් බවයි.

ඉරානය තුළ විරෝධතා “ප්‍රචණ්ඩකාරී කඩාකප්පල්කාරී ක්‍රියාවන් සහ පුළුල් ලෙස විනාශකාරී ක්‍රියාවන්” බවට පත් කිරීම සම්බන්ධයෙන් ඔහු අමෙරිකාවට චෝදනා එල්ල කර ඇත.

ඒ ඉරානය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ලිපියක් ද යවමින්.

මේ අතර අමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සදහන් කර ඇත්තේ ඉරානය “විශාල කරදරයක” සිටින බවයි.

ඉරානයේ විරෝධතා ඊයේ 13වැනි දිනට පැවැති අතර ඉරාන ආර්ථිකය බිඳ වැටීම සහ ඉස්ලාමීය ජනරජය අවසන් කිරීම සඳහා ඉල්ලීම් මෙන්ම ඇතැමුන් රාජාණ්ඩුව යථා තත්ත්වයට පත් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවල නිරත වේ.

මේ විරෝධතා හේතුවෙන් අවම වශයෙන් විරෝධතාකරුවන් 48 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරීන් 14 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

World News

Send your contact Details Today