අද (09) සවස බස්රථ දෙකක් හා ලොරි රථයක් ගැටී මාරක අනතුරක් සිදුව තිබේ.
ඒ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල, පල්පාත ප්‍රදේශයේදීයී.
අනතුරින් ලොරි රථයේ රිය සහායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ලොරි රථයේ ගමන් ගත් තවත් පුද්ගලයෙකු සහ බස්රථ දෙකෙහි ගමන් ගත් මගීන් කිහිපදෙනෙකු තුවාල ලබා කෑගල්ල සහ මාවනැල්ල රෝහල් වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථය තිරිංග ක්‍රියාවිරහිත වීම නිසා උතුවන්කන්ද පල්ලමේ ධාවනය වෙමින් තිබියදී ඉදිරිපසින් ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පි ]ටුපසින් වැදී තිබේ.
ලොරි රථය ලංගම බස් රථයේ ගැටීමත් සමගම ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ලංගම බස් රථය වැදී තිබේ.
මෙහිදී පූඩළුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස්රථයේ සිටි මගීන් කිහිපදෙනකු මෙලෙස තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.






PHOTO CREDITS: Accident First