Latest News

කුණු කන්දක් නාය යාමෙන් කාන්තාවක් ජිවිතක්ෂයට – 30කට වැඩි පිරිසක් අතුරුදන්

Published 22 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මධ්‍යම පිලිපීනයේ කුණු කන්දක් නායයාමෙන් 22 හැවිරිදි කාන්තාවක් මියගොස් තවත් 30 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව බලධාරීන් පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීය.

සෙබු (Cebu) නගරයේ බිනාලිව් (Binaliw) කුණු කන්දේ සුන්බුන් අතර සිරවී සිටි තුවාල ලැබූ සනීපාරක්ෂක සේවකයින් 12 දෙනෙකු මුදාගැනීමට සහන කණ්ඩායම් සමත් වූ අතර, ඔවුන් පසුව රෝහල් ගත කෙරිණි.

අතුරුදහන් වූවන්ගෙන් බහුතරය එම ස්ථානයේ සේවය කළ සේවකයන් බව විශ්වාස කෙරේ. තවත් නායයාම් සිදුවීමේ අවදානමක් පවතින බැවින්, සුන්බුන් අතර සිරවී සිටින පිරිස් වෙත ළඟා වීම දුෂ්කර විය හැකි බව සෙබු නගරාධිපතිවරයා ABS-CBN පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

මෙම නායයාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, එය අවධිමත් අපද්‍රව්‍ය කළමනාකරණයේ ප්‍රතිඵලයක් විය හැකි බව සෙබු නගර සභා මන්ත්‍රී ජොයෙල් ගාර්ගනේරා (Joel Garganera) සඳහන් කළේය.

World News

Send your contact Details Today