ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමියෙකුගේ හදිසි සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන්, මාසයකට පෙර ඔවුන් පෘථිවියට ගෙන්වා ගැනීමට නාසා ආයතනය අවධානය යොමු කර තිබේ.
මේ හේතුවෙන් ඊයේ (08) සැලසුම් කර තිබූ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිටත ඇවිදීම ද අවලංගු කෙරුණි.
නාසා ආයතනය පවසන්නේ අදාළ ගගනගාමියා දැනට ස්ථාවර තත්ත්වයෙන් පසුවන බවයි.
සාමාන්‍යයෙන් ගගනගාමීන් මාස 6ත් 8ත් අතර කාලයක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින අතර, හදිසි වෛද්‍ය තත්ත්වයන් සඳහා අවශ්‍ය මූලික උපකරණ සහ ඖෂධද එහි පවතියි.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ඔවුන්ව පෘථිවියට ගෙන්වා ගැනීම කෙරෙහි නාසා බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
පසුගිය අගෝස්තු මාසයේදී අභ්‍යවකාශගත වූ මෙම පිරිස, ලබන මැයි මාසයේදී පෘථිවියට පැමිණීමට නියමිතව තිබුණි.
නමුත් පවතින තත්ත්වය අනුව ඔවුන් ඉදිරි දින කිහිපය තුළ පෘථිවිය බලා ඒමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.