Latest News

ඉරානයේ රජයේ ආයතනවලට විරෝධතාකරුවන් ගිනි තබයි

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානයේ පාලන තන්ත්‍රයට එරෙහිව පවතින ජනතා විරෝධතා ඊයේ (08) රාත්‍රියේ අතිශය ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන තිබේ.

ඒ අනුව රජයේ අධිකාරී බලය විදහා දක්වන ස්ථාන ඉලක්ක කර ගනිමින් විරෝධතාකරුවන් ගිනි තැබීම් රැසක් සිදු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතාකරුවන් විසින් ඉස්ෆාහන් (Isfahan) නගරයේ පිහිටි රජයේ රූපවාහිනී මධ්‍යස්ථානයට (IRIB) ගිනි තබා ඇති අතර, ටෙහෙරාන් අගනුවර පාලන තන්ත්‍රයට පක්ෂපාතී පෝස්ටර් සහ බැනර් රැසක් ද ගිනිබත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම අහ්වාස් (Ahvaz) සහ ඛොරාමාබාද් (Khorramabad) නගරවල ආණ්ඩුකාර කාර්යාලවලට ද විරෝධතාකරුවන් හානි කර ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරීන් රට පුරා අන්තර්ජාලය සහ දුරකථන සබඳතා විසන්ධි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එසේම නෝර්වේ රාජ්‍යයේ පිහිටි ඉරාන මානව හිමිකම් සංවිධානය (IHR) පවසන්නේ පසුගිය සති දෙක තුළ පැවති ගැටුම්වලින් අවම වශයෙන් විරෝධතාකරුවන් 45 දෙනෙකු මියගොස් ඇති බවයි.

මියගිය පිරිස අතර බාලවයස්කරුවන් 8 දෙනෙකු ද වන බව එම වාර්තා පෙන්වා දෙයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඉරාන රජය සාමකාමී විරෝධතාකරුවන් ඝාතනය කිරීමට පටන් ගතහොත්, අමෙරිකාව ඊට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බවයි.

“ඔවුන් මිනිසුන් මැරීමට පටන් ගත්තොත්, අපි ඔවුන්ට ඉතා තදින් පහර දෙනවා,” යැයි ඔහු සඳහන් කර තිබේ.

World News

Send your contact Details Today