Latest News

ඉරානයේ ජනතා විරෝධතා දැඩි වීම හමුවේ දුරකථන සහ අන්තර්ජාල සම්බන්ධතා අත්හිටුවයි

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානයේ බලධාරීන් විසින් එරට අන්තර්ජාල සහ දුරකථන සබඳතා සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ ආර්ථික අර්බුදය සහ පාලනයට එරෙහිව පවතින ජනතා විරෝධතා දැඩි වීමත් සමඟයි.

අද (09) අලුයම වන විට ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසක රාත්‍රී කාලයේ විරෝධතා උත්සන්න වී ඇති අතර, එය මර්දනය කිරීම සඳහා රජය මෙම පියවර ගෙන තිබේ.

ලෝකයේ අන්තර්ජාල ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කරන NetBlocks ආයතනය තහවුරු කර ඇත්තේ, එරට වේලාවෙන් රාත්‍රී 8:00ට පමණ ආරම්භ වූ විරෝධතාවලින් පසු ඉරානයේ අන්තර්ජාල සබඳතා ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බවයි.

විදේශගතව සිටින ඉරාන ඔටුන්න හිමි රේසා පහ්ලවි (Reza Pahlavi) කුමරු විසින් සිදුකළ විරෝධතා සඳහා වූ කැඳවීමකට අනුව ජනතාව වීදි බැස ඇති බව සඳහන්.

අන්තර්ජාලයට අමතරව ස්ථාවර සහ ජංගම දුරකථන සබඳතා ද ඇනහිට තිබේ.

ඩුබායි සහ සිඩ්නි වැනි විදේශීය නගරවල සිටින ඉරාන වැසියන්ට තම ඥාතීන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති අතර, WhatsApp සහ FaceTime වැනි සේවාවන් ද අක්‍රිය වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

රජයේ දෙපාර්තමේන්තුවල නිල වෙබ් අඩවි පවා මේ වන විට අක්‍රිය වී ඇති බවටයි වාර්තා වෙන්නේ.

World News

Send your contact Details Today