Latest News

බංග්ලාදේශයේ සුළුතර ප්‍රජාවට නොසිතූ කරදරයක්

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශයේ සුළු­තර ආග­මික ප්‍රජා­වන් ඉලක්ක කර­මින් සිදු­වන ප්‍රච­ණ්ඩ­ත්වය ඉහළ යෑම හේතු­වෙන් එරට බෞද්ධ, හින්දු සහ ක්‍රිස්ති­යානි ප්‍රජාව නියෝජනය කරන සංවි­ධාන රැසක් අන්ත­ර්වාර රජ­යට විරෝ­ධ­තාව පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිලි­යන 170ක ජන­ග­හ­න­ය­කින් සම­න්විත මේ මුස්ලිම් රාජ්‍යයේ මහ­මැ­ති­ව­ර­ණය ලබන මස පැවැ­ත්වී­මට නිය­මිත අතර, ඝාතන සිදු­වීම් 10ක් ඇතු­ළුව පසු­ගිය මාස­යේදී එරට සුළු­තර ප්‍රජාව ඉලක්ක කර­ගත් ප්‍රචණ්ඩ ක්‍රියා 51ක් සිදුවී ඇතැයි බෞද්ධ, හින්දු සහ ක්‍රිස්ති­යානි ප්‍රජාව නියෝ­ජ­නය කරන සංවි­ධාන ඒකා­බද්ධ නිවේ­ද­න­යක් ද නිකුත් කර ඇතැයි වාර්තා වේ.

උද්ගත වී ඇති තත්ත්වය පිළි­බඳ සිය කන­ස්සල්ල පළ කරන බවත්, ඉහළ ගිය ප්‍රච­ණ්ඩ­ත්වය හේතු­වෙන් එරට සුළු­තර ප්‍රජාව දැඩි භීති­යට පත්වී ඇති බවත් එම නිවේ­ද­නයේ සඳ­හන් වන බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

සුළු­තර ප්‍රජා­වට එරෙහි ප්‍රච­ණ්ඩ­ත්වය සම්බ­න්ධ­යෙන් බංග්ලා­දේශ අන්ත­ර්වාර රජය උදා­සීන අයු­රින් කට­යුතු කරන බවට ද චෝදනා එල්ල වී ඇති අතර, නිවාස ගිනි තැබීම්, ස්ත්‍රී දූෂණ සහ කොල්ල­කෑමේ සිදු­වීම් රැසක් ද වාර්තා වන බව එම සංවි­ධා­නය වැඩි­දු­ර­ටත් නිවේ­ද­නය කර තිබේ.

World News

Send your contact Details Today