Latest News

ජාත්‍යන්තර සංවිධාන 66ක් ගැන ට්‍රම්ප්ගෙන් කෙළින් තීරණයක්

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජාතීන්ගේ සංවි­ධා­න­යට ඇතු­ළත් ආය­තන සහ තවත් රාජ්‍ය නොවන ආය­තන ඇතු­ළුව ජාත්‍ය­න්තර සංවි­ධාන 66කින් අමෙ­රි­කාව ඉවත් කර­ගැ­නී­මට ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් තීර­ණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවි­ධා­න­යට අයත් ආය­තන 31ක් ඇති බවයි අල් ජසීරා පුවත් සේවය සඳ­හන් කර ඇත්තේ.

ඒ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝ­ග­යෙන් අමෙ­රි­කාව ඉව­ත්වී­මට තීර­ණය කර ඇති සංවි­ධාන අතර දේශ­ගු­ණික විප­ර්යාස, සාමය සහ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සම්බන්ධව කට­යුතු කරන සංවි­ධාන රැසක් ද ඇතැයි වාර්තා වේ.

පසු­ගිය වසරේ ජන­වා­රි­යේදී සිය දෙවැනි ධුර කාලය සඳහා දිවු­රුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් පළ­මුව නිකුත් කළ නියෝ­ගය වූයේ පැරිස් ගිවි­සු­මෙන් ඉව­ත්වීම බව ද වාර්තා වේ.

දේශ­ගු­ණික විප­ර්යාස සම්බ­න්ධව කට­යුතු කිරීමේ එක­ඟ­තාව මත ගොඩ­නැ­ඟුණු එම ගිවි­සු­මෙන් ඉව­ත්වීම හේතු­වෙන් අමෙ­රි­කාව තව­දු­ර­ටත් කාබන් විමෝචනය අවම කිරී­මට ජාත්‍ය­න්තර වශ­යෙන් බැඳී නැති අතර, එය ගෝලීය දේශ­ගු­ණික විප­ර්යාස කෙරෙහි දැඩි බල­පෑ­මක් එල්ල කළ සිදු­වී­මක් ද වේ.

World News

Send your contact Details Today