එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළත් ආයතන සහ තවත් රාජ්‍ය නොවන ආයතන ඇතුළුව ජාත්‍යන්තර සංවිධාන 66කින් අමෙරිකාව ඉවත් කරගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආයතන 31ක් ඇති බවයි අල් ජසීරා පුවත් සේවය සඳහන් කර ඇත්තේ.
ඒ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයෙන් අමෙරිකාව ඉවත්වීමට තීරණය කර ඇති සංවිධාන අතර දේශගුණික විපර්යාස, සාමය සහ ප්රජාතන්ත්රවාදය සම්බන්ධව කටයුතු කරන සංවිධාන රැසක් ද ඇතැයි වාර්තා වේ.
පසුගිය වසරේ ජනවාරියේදී සිය දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් පළමුව නිකුත් කළ නියෝගය වූයේ පැරිස් ගිවිසුමෙන් ඉවත්වීම බව ද වාර්තා වේ.
දේශගුණික විපර්යාස සම්බන්ධව කටයුතු කිරීමේ එකඟතාව මත ගොඩනැඟුණු එම ගිවිසුමෙන් ඉවත්වීම හේතුවෙන් අමෙරිකාව තවදුරටත් කාබන් විමෝචනය අවම කිරීමට ජාත්‍යන්තර වශයෙන් බැඳී නැති අතර, එය ගෝලීය දේශගුණික විපර්යාස කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළ සිදුවීමක් ද වේ.