වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග අද (09) සිට ආරම්භ වේ.
එම තරග නැමීබියාවේ සහ සිම්බාබ්වේදී පැවැත්වෙයි.
ඒ අනුව තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 11 වනදා දකුණු අප්‍රිකාව සහ 14 වනදා ඇෆ්ගනිස්තානය සමග පුහුණු තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතයි.
එළඹෙන 15 වනදා සිට ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මූලික වටයේදී ජපානය, අයර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව සමග තරග වදිනු ඇති.