Latest News

ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකාවට තවත් ආසන්න වෙයි – අද වෙන්න යන දේ මෙන්න

Published 22 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) පෙරවරු 6.00 වන විට විට මඩකලපුව සිට කිලෝමීටර් 170ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව එම ගැඹුරු පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කර අද (09) සවස් කාලයේ දී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එහි බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවයි දැනුම් දෙයි.

ඒ, අනුව ඉදිරි දින තුනක කාලය තුළ දී දිවයිනේ දිස්ත්‍රික්ක 09ක මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මුලතිව්, මන්නාරම, වවනියාව, යාපනය, කිලිනොච්චියට, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ මාතලේ එම දිස්ත්‍රික්කයි.

මේ අතර නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දෙයි.

World News

Send your contact Details Today