Latest News

එක්සත් ජනපදයේ ළමා සෞඛ්‍ය ප්‍රතිපත්තිය වෙනස් මුහුණුවරක්

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජනපදයේ ළමා සෞඛ්‍ය ප්‍රතිපත්තිය වෙනස් මුහුණුවරක් ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ළමුන් සඳහා නිර්දේශිත එන්නත් සංඛ්‍යාව 17 සිට 11 දක්වා අඩු කිරීමට ගත් තීරණය, වෛද්‍ය ප්‍රජාව තුළ මේවනවිට දැඩි කනස්සල්ලක් ඇති කර ඇති බවටයි වාර්තා වන්නේ.

නව මාර්ගෝපදේශ අනුව, කොවිඩ්-19, උණ සහ rotavirus සඳහා වූ එන්නත් තවදුරටත් සියලුම දරුවන්ට අනිවාර්ය ලෙස නිර්දේශ නොකරන අතර RSV, හෙපටයිටිස් සහ මෙනින්ගොකොකල් එන්නත් ඒ පිලිබඳ ඉහළ අවදානමක් ඇති ළමුන් සඳහා පමණක් සීමා කර තිබේ.

ධවල මන්දිරය විසින් මෙය දෙමාපියන්ට සහ වෛද්‍යවරුන්ට “තේරීමේ නිදහස” ලබා දෙන පියවරක් ලෙස සඳහන් කළත් වෛද්‍යවරු අනතුරු අඟවන්නේ, මෙම වෙනස වළක්වා ගත හැකි රෝග නැවත පැතිරීමට හා දරුවන්ගේ ජීවිත අවදානමට පත් කිරීමට ඉඩ ඇති බවයි.

සෞඛ්‍ය ලේකම් Robert F. Kennedy ගේ දිගුකාලීන දැක්මක් ලෙස මෙම පියවර හඳුන්වා දී ඇති අතර, විද්‍යාත්මක සාකච්ඡාවකින් තොරව ගත් තීරණයක් වීම විශේෂඥයින්ගේ දැඩි විරෝධයට හේතු වී ඇති බවට වර්තා වේ.

World News

Send your contact Details Today