Latest News

ශ්‍රී ලංකාවට බලපා ඇති පීඩන අවපාතය බලපෑ හැකි ආකාරය ගැන දැනුම්දීමක්

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට බලපා ඇති පීඩන අවපාතය හෙට (09) පස්වරුවේ දී හම්බන්තොට සහ කල්මුණේ ප්‍රදේශයෙන් දිවයිනට ඇතුල් විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා පවසයි.

එමෙන්ම එම පීඩන අවපාතය මේ වන විට දිවයිනේ නැගෙනහිර වෙරළේ පොතුවිල් ප්‍රදේශයට ගිනිකොණ දිශාවෙන් කිලෝ මීටර 350ක් පමණ ඇතින් ස්ථානගත වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

මේ අතර බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය හේතුවෙන් අද (ජනවාරි 08) සිට ශ්‍රී ලංකාව වටා ඇති ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට අනතුරු අඟවා ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පිහිටි බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11:30 ට පොතුවිල් සිට කිලෝමීටර් 490 ක් පමණ ගිනිකොන දෙසින් කේන්ද්‍රගත වී ඇති අතර ඉදිරි පැය 24 තුළ බටහිර-වයඹ දෙසට සහ දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇත.

ඒ අනුව, අද දින මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දිවයින වටා ඇති අනෙකුත් මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැයට කිලෝමීටර් 35-45 ක් වනු ඇත. දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා ඉහළ යා හැක.

දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශ රළු හෝ සමහර විට ඉතා රළු විය හැක. කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.5 – 3.5 ක් පමණ වැඩි විය හැක (මෙය ගොඩබිම් ප්‍රදේශය සඳහා නොවේ).

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදක් අපේක්ෂා කළ හැකිය.

World News

Send your contact Details Today