පස්වැනි සහ අවසන් අළු බඳුන ටෙස්ට් තරගයෙන් කඩුලු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
ඒ එම තරගාවලිය 4-1ක් ලෙසයි.
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (SCG) පැවැති මෙම තරගයේ අවසන් දිනයේදී ඔස්ට්‍රේලියාව මෙම ජයග්‍රහණය දිනා ගත්තේය.
එංගලන්තය සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 342 ලබාගත් අතර, පළමු ඉනිමේදී ඔවුන් ලකුණු 384කට දැවී ගියේය.
පිළිතුරු වශයෙන් ඔස්ට්‍රේලියාව පළමු ඉනිමේදී ලකුණු 567ක් රැස්කළේය.
ඒ අනුව, පළමු ඉනිමේ ලකුණු 183ක වාසිය ද සමග ලකුණු 160ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව කඩුලු 05ක් පමණක් දැවී සිය ඉලක්කය ලබාගත්තේය.
ඇලෙක්ස් කේරි (නොදැවී 16) සහ කැමරන් ග්‍රීන් (නොදැවී 22) එක්ව ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා මෙහෙයවීය.
තුන්වැනි ශතකය ද වාර්තා කළ ට්‍රැවිස් හෙඩ් තරගයේ වීරයා වූ අතර, තරගාවලිය පුරා කඩුලු 31ක් දවාගත් මිචෙල් ස්ටාර්ක් තරගාවලියේ වීරයා ලෙස පිදුම් ලැබුවේය.
22 හැවිරිදි නවක ක්‍රීඩක ජේකබ් බෙතෙල් එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 154ක් රැස් කළේය.
පන්දු යැවීමේදී ජොෂ් ටොන්ග් කඩුලු 3ක් දවාගනිමින් ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කර තිබේ.
මෙම ජයග්‍රහණයත් සමග 2025-2027 ලෝක ටෙස්ට් ශූරතාවලියේ (WTC) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් තහවුරු කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
මෙම තරගය ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජාගේ අවසන් ටෙස්ට් තරගය ද වෙයි.
