Latest News

ජපාන න්‍යෂ්ටික ආර­ක්ෂණ නිලධාරියෙකුට චීනයේදී නොසිතූ කරදරයක්

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපා­නයේ න්‍යෂ්ටික ආර­ක්ෂණ ඒජ­න්සියේ නිල­ධා­රි­ය­කුගේ ජංගම දුර­ක­ත­නය චීනයේ ගුව­න්තො­ටු­පො­ළ­කදි අස්ථා­න­ගත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ජපාන න්‍යෂ්ටික ආර­ක්ෂණ ඒජ­න්සිය සතු අති­ශය සංවේදී තොර­තුරු එම දුර­ක­ත­නයේ ඇති බව ද වාර්තා වේ.

චීනයේ පෞද්ග­ලික සංචා­ර­ය­කින් පසු නැවත ජපා­න­යට යෑම සඳහා නිය­මි­තව සිටි අදාළ නිල­ධා­රි­යාගේ දුර­ක­ත­නය අස්ථා­න­ගත වී ඇත්තේ ෂැංහයි ගුවන්තොටුපොළේදී බවත්, එහි අඩංගු තොර­තුරු තුන්වැනි පාර්ශ්ව­ය­කට හුව­මාරු වූයේ දැයි මෙතෙක් හෙළි වී නැති බවත් ජපාන මාධ්‍ය සඳ­හන් කර තිබේ.

වසර 2011දි සිදුවු දරුණු භුක­ම්ප­න­යෙන් පසු වසා දැමූ සියලු න්‍යෂ්ටික බලා­ගාර නැවත සක්‍රිය කිරී­මට ජපාන රජය පසු­ගි­යදා නියෝග කළ අතර, න්‍යෂ්ටික ආර­ක්ෂණ ඒජ­න්සියේ සේව­ක­යාගේ අස්ථා­න­ගත වූ ජංගම දුර­ක­ත­නයේ ද ඒ පිළි­බඳ වැද­ගත් තොර­තුරු රැසක් තිබූ බව වාර්තා වේ.

World News

Send your contact Details Today