Latest News

රුසියානු නෞකාවක් අමෙරිකානු හමුදා භාරයට

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙනිසියුලානු ඉන්ධන අපනයනයට සම්බන්ධ ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකක් අත්අඩංගුවට ගත් බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි.

ඒ උතුරු අත්ලාන්තික් සහ කැරබියන් සාගර කලාපයේදීයී.

සති දෙකකට ආසන්න කාලයක් ලුහුබැදීමෙන් පසු අයිස්ලන්තය සහ ස්කොට්ලන්තය අතර මුහුදු කලාපය හරහා ගමන් කරමින් සිටියදී රුසියානු ධඡය සහිත මැරිනෙරා නමැති නෞකාවට අමෙරිකානු හමුදා සෙබළුන් ගොඩබැස ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

අමෙරිකානු හමුදා භාරයට ගෙන ඇති දෙවන නෞකාව වන්නේ එම් ටී සොෆියා නමැති නෞකාවයි.

වෙනිසියුලානු ඉන්ධන රැගෙන ගිය නෞකා දෙකක් එලෙස අමෙරිකාව විසින් සිය භාරයට ගැණුනේ වෙනුසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ සිය භාරයට ගෙන දින කිහිපයකට පසුවීම විශේෂත්වයක්.

අනුමත සහ නීතිවිරෝධී වෙනිසියුලානු ඉන්ධන අවහිර කිරීම සම්බන්ධයෙන් ලෝකයේ ඕනෑම තැනක පූර්ණ බලපෑමක් ඇති කළ හැකි බවයි අමෙරිකාව පවසන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රුසියාව පවසා ඇත්තේ අමෙරිකානු භාරයට ගෙන ඇති නෞකාවේ රුසියානු පුරවැසියන්ට මානුෂිය සහා ගෞරවනිය ලෙස සැලකීම සහතික කළයුතු බවයි.

හැකි ඉක්මණින් ඔවුනට රුසියාවට ආපස්සට යාමට අවසර දෙන ලෙසද රුසියානු බලධාරීන් ඉල්ලා තිබේ.

වෙනත් රාජ්‍යයන්ගේ බලප්‍රදේශවල නිසි ලෙස ලියාපදිංචි කර ඇති යාත්‍රාවලට එරෙහිව බලය යෙදවීමට කිසිදු රාජ්‍යයකට බලයක් නොමැති බවද රුසියාව අවධාරණය කර තිබේ.

World News

Send your contact Details Today